Sunday, September 8, 2024

General line - 0115112241

දැරිය මානසික හිංසනයට ලක්වූවාදැයි සොයා බලයි




ගැබ් ගෙන ඇති බව පවසමින් පාසලෙන් ඉවත් කළ කැකිරාව ප‍්‍රදේශයේ දැරිය අධිකරණ වෛද්‍ය නිලධාරීන් මගින් මානසික වෛද්‍ය විශේෂඥවරයෙකු වෙත ඉදිරිපත්කර තිබෙනවා.

ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සඳහන් කළේ දැරිය මානසික හිංසනයට ලක්ව ඇත්දැයි සොයා බැලීම සඳහා එම පියවර ගත් බවයි.  

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සිදු කරන විමර්ශන තවදුරටත් පුළුල් කර ඇති බවද එම අධිකාරිය පවසනවා.