Sunday, September 8, 2024

General line - 0115112241

ඇත්දළ සමග 3ක් අත්අඩංගුවට

වන්නි - රොමේෂ් මධුෂංඛ




කිලෝ 25 ක බර ඇත්දළ 3ක් වව්නියාවේ ස්ථාන දෙකකදී සොයාගෙන තිබෙනවා.

 

එම ඇත් දළ ළඟ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙකු ද ඊයේ (30) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන ඇති බවයි වව්නියාව කොට්ඨාස දූෂණ මර්ධන ඒකකය කියා සිටියා.

 

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් සහ පොලිස් විශේෂ කාර්යය බලකා නිලධාරීන් වෙත ලැබුන බුද්ධි තොරතුරකට අනුව වව්නියාව පූවර්සන් කුලම් පුදුකුලම් ප්‍රදේශයේදී ඇත් දළක් හා සැකකරුවෙකු ද වව්නියාව කුරුමන්කාඩු ප්‍රදේශයේ දී ඇත්දළ දෙකක් සමග තවත් සැකකරුවෙකු ද සිදුකළ වැටලීමකදී සොයාගෙන ඇති බව සඳහන්.

 

අදාල ඇත්දළ තුන කිලෝග්‍රෑම් 25ක බරින් යුක්ත වන අතර මෙම ඇත්දළ තවත් පාර්ශවයකට විකිණීමට සැලසුම් කර තිබියදී අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ.

 

අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති අතර එවැනි ඇත් දළ තවත් ඇත්තේද යන්න පිළිබඳව පරික්ෂණයක්ද ආරම්භ කර තිබෙනවා.