Sunday, September 8, 2024

General line - 0115112241

වගා ලිඳක සිටි වන අලියෙකු දිවි බේරා ගත් හැටි

හොරොව්පොතාන - පැතුම් දර්ශන




ගලෙන්බිදුණුවැව අළුත්දීවුල්වැව කිවුලේකඩ රක්ෂිතයේ අනවසර වගා ලිඳකට වැටි සිටි වන අලියකු ගොඩට ගැනීමට මොරගොඩ වනජීවි කර්යාලයේ නිළධාරින් අද (31) දහවල් සමත්වුණා.

 

වනසංරක්ෂණ දෙපාර්තමෙන්තුවට අයත් කිවුලේකඩ රක්ෂිතයේ ජනශුන්‍ය ප්‍රදේශයක කපා තිබු මෙම අනවසර ලිඳට වැනු වන අලියා දින තුනක් පමන ලිඳේ සිටි බව වන ජිවී නිළධාරින් පැවසුවා.

 

ගම්වැසියන් ලබාදුන් තොරතුරකට අනුව එම ස්ථානයට ගිය වන ජිවි නිළධාරින් ගලෙන්බිදුණුවැව ප්‍රදේශිය සභාවේ ජේ,සී.බී. යන්ත්‍රය උපයෝගි කරගෙන සිදු කළ පැය තුනක පමණ මෙහෙයුමකින් පසුව වන අලියා ගොඩට ගැනීමට සමත්ව තිබෙනවා.

 

වගා ලිඳෙන් ගොඩට ගත් වන අලියා නිරැපද්‍රිතව කිවුලේකඩ රක්ෂිතයට පලවා හැරිමට වන ජිවි නිළධාරින් කටයුතු කරනු ලැබුවා.

 

අවුරැදු 30 පමන වයසැති මෙම අලියාගේ උස අඩි නවයක් වෙතැයි වනජීවී උසස් නිළධාරින් කියා සිටියා.