Sunday, September 8, 2024

General line - 0115112241

කෑළිවලට කැඩුණු නුවරඑළිය




නුවරඑළිය දිස්ත්‍රික්කයේ නව ප්‍රාදේශීය සභා හතරකට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.

නව සීමා නිර්ණයට අනුකූලව ප්‍රාදේශීය සභා ප්‍රමාණය මෙලෙස වැඩි කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවූ බවයි ජාතික සංවාදය හා භාෂා අමාත්‍ය මනෝ ගනේෂන් කියා සිටියේ.

ඒ අනුව අඹගමුව, මස්කෙලිය, නොර්වුඩ්, නුවරඑළිය, ආකරපතන, කොටගල ලෙස නුවරඑළිය පළාත්පාලන ඒකක 6කට බෙදා ඇති බව සඳහන්.

අදාළ කැබිනට් පත්‍රිකාව පළාත් සභා සහ පළාත් පාලන ඇමැති ෆයිසර් මුස්තාපා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබුවා.