Sunday, September 8, 2024

General line - 0115112241

දුම්රිය 'භාණ්ඩ ප්‍රවාහන ගාස්තු' ඉහළ දමයි

තරංග රුක්ෂාන් ජයසේකර




දුම්රිය පාර්සල් ප‍්‍රවාහන ගාස්තු අද (01) සිට ඉහළ නැංවෙනවා.

දුම්රිය වාණිජ අධිකාරී විජය සමරසිංහ කියා සිටියේ වාණිජ පරමාර්ථයෙන් ප‍්‍රවාහනය කරන භාණ්ඩ සඳහා පමණක් මෙම මිල වැඩි කිරීම බලපැවැත්වෙන බවයි.

ඒ අනුව එම ගාස්තු සියයට 50කින් ඉහළ නැංවෙනු ඇති.

ඒ සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ද හිමිව තිබෙනවා. 2008 වසරේ සිට පාර්සල් ප‍්‍රවාහන ගාස්තුව ඉහළ නංවා නොමැති අතර ඒ අනුව මෙවර ගාස්තු ඉහළ යන්නේ වසර 09කට පසුවයි.