Sunday, September 8, 2024

General line - 0115112241

විරෝධතාවලින් ආණ්ඩුවට අභියෝගයක් නෑ




ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ මෙහෙයුම් කමිටු අතුරු වාර්තාවට එල්ල වන පදනම් විරහිත විරෝධතා රජයට අභියෝගයක් නොවන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා.

ඔහු කියාසිටියේ ඉදිරියේදී ඒ පිළිබඳ සියලු පාර්ශ්වයන්ගේ එකඟතාව මත නව ව්‍යවස්ථාව සකස් කරන බවයි. 

ඉකුත් මැතිවරණයේ ජනතාවට ලබාදුන් පොරොන්දුවක් අනුව නව ව්‍යවස්ථාවක් ගෙනඑන බවයි අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේ. 

මේ අතර ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටු අතුරු වාර්තාව සම්බන්ධයෙන් වන විවාදය සිව්වන දිනටත් අද (02) පැවැත්වෙනවා.

ලබන 07 වැනිදා ද එම විවාදය පැවැත්වීමටයි ඊයේ (01) පැවැති පක්ෂ නායක රැස්වීමේදී එකඟතාවට පැමිණ ඇත්තේ.