Sunday, September 8, 2024

General line - 0115112241

හිටපු ජනපති අගමැතිගෙන් කළ ඉල්ලීම (UPDATE)




නව ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාව සඳහා සිදුකෙරෙන ඡන්ද විමසීමකදී හෘද සාක්ෂිය අනුව කටයුතු කිරීමට මන්ත‍්‍රීවරුන්ට අවස්ථාව ලබාදෙන්නැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අග‍්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටිනවා. ඔහු මෙම ඉල්ලීම කළේ නව ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවක් සඳහා වන මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ අද පැවැති විවාදයේදීයි. 

මෙම අවස්ථාවේ උතුරේ හෝ දකුණේ ප‍්‍රමුඛ අවශ්‍යතාව නව ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවක් නොවන බව ද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී කියාසිටියා.

මෙම විවාදය තුළ පාර්ලිමේන්තුවේ සැබෑ විපක්ෂයට ප‍්‍රමාණවත් අවස්ථාවක් ලැබී නොමැති බවයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී පැවසුවේ. දැනට ඉදිරිපත් වී ඇති අතුරු වාර්තාවට අනුව මධ්‍යම ආණ්ඩුව දුර්වල වී පළාත් සභා අසාමාන්‍ය ලෙස ශක්තිමත් වන බව ද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. 

==============================

ව්‍යවස්ථා සම්පාදනයට අවංකව සහභාගී වුණා! අලුත් ව්‍යවස්ථාවෙන් බලාපොරොත්තු වනදේ හිටපු ජනපති කියයි!

02-11-2017 12:49

හිටපු ජනාධිපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී අද (02) ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කාරක සභාවේ අතුරු වාර්තාවේ යෝජනා පිළිබඳ විවාදයට එක්වුණා. එහිදී ඔහු කියා සිටියේ ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියට අවංකවම සහභගී වූ බවත් නව ව්‍යවස්ථවකින් ජාතික සමඟිය සහ ආගමික සමඟිය බලාපොරොත්තු වන බවත්ය.

“අපි අවංකවමයි ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියට ඉදිරිපත් වුණේ. සැලැස්මක් අනුව සංහිදියාව නැවත ඇතිකරන්න යුද්ධය අවසන් කිරීමත් හේතුවක් වුණා. අපි කමිටුවලට සහභාගී වුණා. ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය සම්බන්ධව සැක තිබුණත් එයට සහභාගී වුණා. මේ ක්‍රියාවලියට සහභාගී වුණේ රට හා ජාතිය ගැන සිතලයි. අපේ යෝජනා ඉදිරිපත් කළා. අලුත් ව්‍යවස්ථාවෙන් බලාපොරොත්තු වන්නේ ජාතීන් එක් සේසත් කිරීමක්. ජාතින් එකතු කරන ව්‍යවස්ථවක් බලපොරොත්තු වෙනවා. ජාතිය සමඟිය, ආගමික සමඟිය බලාපොරොත්තු වෙනවා. ජාතීන් අතර වෛරය ඇති නොකරන ලෙස ඉල්ලා සිටිනවා“ යැයිද  මන්ත්‍රීවරයා සඳහන් කළා.