Sunday, September 8, 2024

General line - 0115112241

සතොස අඩුමිලට දෙන බඩු මෙන්න




අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක් සතොස හරහා අඩුමිලට ලබාදීමට රජය තීරණය කර තිබෙනවා. මෙම නව මිල ගණන් අද (02) සිට කි‍්‍රයාත්මක බවයි රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ.

ඒ අනුව සම්බා සහල් කිලෝග‍්‍රෑම් 1ක් රුපියල් 78කට ද නාඩු සහල් කිලෝග‍්‍රෑම් 1ක් රුපියල් 74කට සහ සුදු කැකුළු කිලෝග‍්‍රෑම් රුපියල් 65කට ද අලෙවි කෙරෙනු ඇති.

රතු පරිප්පු කිලෝග‍්‍රෑම් 1ක් රුපියල් 148කට ද ලොකු ළුණු කිලෝග‍්‍රෑම් 1ක් රුපියල් 167කට ද අලෙවි කිරීමට නියමිතයි. තායි හාල්මැස්සන් කිලෝග‍්‍රැම් 1ක් රුපියල් 525කට සහ අර්තාපල් කිලෝග‍්‍රෑම් 1ක් රුපියල් 125කට සතොස අලෙවිසල්වලින් මිලදී ගත හැකි වනවා.

සුදු සීනි කිලෝග‍්‍රෑම් 1ක් රුපියල් 106යි ශත 50කට මිලදී ගත හැකියි.