Saturday, July 27, 2024

General line - 0115112241

දේශපාලන මතවාදයක් දුරදිග ගිය තරමක්

කුලියාපිටියේ උපේන්ද්‍ර




නීති විරෝධී ජනරාශියක සාමාජිකයන්ව හිඳිමින් යක්විල මෙත්තාගම ප‍්‍රදේශයේදී උදැල්ලකින් පහර දී මනුෂ්‍ය ඝාතනයක් සිදුකරමින් වරදකරුවන් වූ සැකකරුවන් 7 දෙනෙකුගෙන් 5 දෙනෙකුට කුලියාපිටිය පළාත්බද මහාධිකරණය විසින් මරණීය දණ්ඩනය නියම කර තිබෙනවා.

විනිසුරු එම්. සී. බී. එස්. මොරායස් අද (08) මෙම තීන්දුව ලබා දුන්නා.

යක්විල මෙත්තාගම ප‍්‍රදේශයේ කච්චකඩුගේ ගාමිණී තිසේරා, හිටිහාමි අප්පුහාමිගේ කිංස්ලි ජෝශප් නොහොත් ජස්ටින් ගාමිණී, අරම්පත් පියන්ලාගේ තිලකරත්න, ලියනාරච්චිලාගේ තිලකරත්න, අතුකෝරාළලාගේ චන්ද්‍රපාල, හඳුන් පතිරැන්නැහැලාගේ රංජිත් පතිරණ, හා එ්. පී. චමින්ද පතිරණ යන සැකකරුවන් 7 දෙනෙකුට එරෙහි අධිචෝදනා නගා තිබූ අතර ඉන් තුන්වැනි හා හත්වැනි සැකකරුවන් මියගොස් තිබීම හේතුවෙන් සෙසු සැකකරවන් වරදකරුවන් කරමින් අදාළ තින්දුව ලබාදී තිබුණා.

එමෙන්ම දීර්ඝ කලක් විභාග වූ මෙම නඩුවේදී පැමිණිල්ල විසින් සාධාරණ සැකයෙන් තොරව ලංකා දණ්ඩනීති සංග‍්‍රහයේ 296 වගන්තියට අනුව එල්ලකර තිබූ චෝදනා ඔප්පු කර තිබීම හේතුවෙන් අදාළ දඬුවම නියම කර තිබෙනවා.

1996 අගෝස්තු මස 14 දින හෝ ඊට ආසන්න දිනකදී යක්විල මෙත්තාගම ප‍්‍රදේශයේදී දේශපාලනික ආරවුලක් මත ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යෑමෙන් මෙම පහරදීම සිදුව තිබුණා.