Friday, January 17, 2025

General line - 0115112241

ටෙක්‌සාස්‌ ප්‍රහාරකයා පැනගිහින් - ඔහුගේ තොරතුරු පරිගණක ජාල තුළත් නැහැ - හෙළි වූ නවතම තොරතුරු මෙන්න




අමෙරිකාවේ ටෙක්‌සාස්‌ නුවර බැප්ටිස්‌ට්‌ පල්ලියකට වෙඩි තබා 26 ක්‌ මරා දැමූ ඩෙවින් කෙලී නමැති හිටපු ගුවන් හමුදා භටයා 2012 දී මානසික රෝහලකින් පැනගිය අයකු බව අනාවරණය වී තිබෙනවා.
 
මෙම පුද්ගලයා මානසික රෝහලෙන් පැන යැමට ප්‍රථම ඔහුගේ හමුදා ප්‍රධානීන්ට මරණ තර්ජනය කර තිබූ බවද විමර්ශනවලදී හෙළි වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මේ අතර මොහු සම්බන්ධ තොරතුරු ගුවන් හමුදා බලධාරීන්, අවි ආයුධ විකුණුම්කරුවන්ගේ පරිගණක ජාලයට ඇතුළත් නොකළේ මන්ද යන්න ගැනද විමර්ෂණයක් ඉදිරියේදී පැවැත්වීමට නියමිතයි.
 
 මොහු වෙඩි තැබීම සිදුකරන අවස්‌ථාවේ ඔහුගේ ඥතීන් වෙඩි තැබීම සිදුවූ දේව මෙහෙයට සහභාගි වී නොමැති බවද වාර්තා වනවා.