Wednesday, February 12, 2025

General line - 0115112241

UN සමග ශ්‍රී ලංකාව සාධනීය පියවර රැසක්




ශ්‍රී ලංකාව ජගත් මානව හිමිකම් යාන්ත්‍රණය සමග කටයුතු කිරීම ඇතුළු සාධනීය පියවර රැසක් ගෙන ඇති බව අත්තනෝමතික රඳවා ගැනීම් පිළිබඳ එක්සත් ජාතින්ගේ ක්‍රියාකාරි කණ්ඩායම පවසනවා. 

දිවයිනේ ප්‍රදේශ ගණනාවක දින 12ක් පුරා සංචාරය කිරීමෙන් පසු කොළඹ අද (15) පැවති මාධ්‍ය හමුවකදි එම කණ්ඩායම මේ බව කියා සිටියා.
මේ අතර, මෙම කණ්ඩායමේ සාමාජිකයන් හමුවීමට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කොමදෝරු ඩී කේ පි දසනායකගේ දියණිය ඇතුළු පිරිසක් පැමිණ සිටියා.

 ඒ, එම කමිටුව වෙත ලිපියක් භාර දීම සඳහායි. කෙසේවෙතත් ඒ සඳහා ඔවුන්ට අවස්ථාව හිමි වූයේ නැහැ.