මිනි මැරුම් ඇතුළු අපරාධ සහ වෙනත් විෂමාචාර ක්‍රියාවන්ට සම්බන්ධ පුද්ගලයන් 20 දෙනෙකු පමණ ඉදිරි පළාත් පාලන ඡන්ද විමසිමට නාම යෝජනා ලබා දීමේ සූදානමක් ඇති බව පැෆරල් සංවිධානය පවසනවා.
එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි කියා සිටියේ ඒ සම්බන්දයෙන් තොරතුරු තමන් වෙත ලැබී ඇති බවයි.
ඊට අදාළ සාක්ෂි සමගින් එම තොරතුරු තමන් වෙත ලැබි ඇති බවත් මම තත්ත්වය පිළිබධව දේශපාලන පක්ෂ වඩාත් අවදානයෙන් පසු විය යුතු බවත් ඔහු කියා සිටියා.
අදාළ පුද්ගලයින් සහ පක්ෂ පිළිබඳව ඉදිරියේදී තොරතුරු හෙළි කරන බවද පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි වැඩිදුරටත් කියා සිටියා.