Monday, May 6, 2024

General line - 0115112241

තන්තල් දා බ්‍රිතාන්‍යට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමේ අවධානමක්




නත්තල් දා බි‍්‍රතාන්‍යයට ත‍්‍රස්ත ප‍්‍රහාරයක් එල්ල වීමේ අවදානමක් පිළිබඳ තොරතුරු අනාවරණ වී තිබෙනවා.

ඉස්ලාමීය අන්තවාදීන් විසින් මෙම ප‍්‍රහාරය සැලසුම් කර ඇති බවටයි තොරතුරු වාර්තා වී ඇත්තේ.

එරට ආරක්ෂක බලධාරීන් සිදු කළ අනතුරු ඇඟවීම් සමග ක‍්‍රියාත්මක වූ බි‍්‍රතාන්‍ය පොලිසිය මේ වනවිටත් පුද්ගලයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන අවසන්.

ඒ, යෝක්ෂයර් සහ ඩර්බිෂයර් යන ප‍්‍රාන්තවලින්.

ඒ අනුව මාර්ග බාධක යොදා පරීක්ෂා කිරීම් මෙන්ම සැක සහිත නිවාස පරීක්ෂා කිරීම ද ස්ථාන රැසක අඛණ්ඩව සිදුවන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.