Friday, January 3, 2025

General line - 0115112241

පිළිසඳීමෙන් අවුරුදු 25කට පසු උපන් හිම බිළඳිය! මවට වඩා බාල අවරුදු 1 1/2යි




අධි ශීතකර වසර විසිපහකට ආසන්න කාලයක් තැන්පත්කොට තිබූ මූලික අවස්ථාවේ කලලයක් මගින් දරුවෙකු බිහි වීමේ පුවතක් එක්සත් ජනපදයෙන් වාර්තා වන බව බීබීසීය පවසනවා. අයි.වී.එෆ් තාක්ෂණය "නල දරු උපත්" ආරම්භ වීමෙන් පසු පිළිසිඳ ගැනීම සහ මෙලොව දැකීම අතර වැඩිම කාල පරතරයක් සහිත දරු උපත මෙය විය හැකි බවයි විශ්වාස කෙරෙන්නේ.

එමා නමැති බිළිඳිය පිළිසිඳ ගෙන ඇත්තේ ඇය ප්‍රසූත කළ මව, ටීනා උපත ලබා අවුරුදු එක හමාරකට පසුවය.බිළිඳියට අයත් මූලික අවස්ථාවේ කලලය ප්‍රදානය කරනු ලැබ ඇත්තේ ඇමරිකානු යුවලක් විසින් බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ. ශීතකර තබා ගත් එම කලලයෙන්, මේ වසරේ නොවැම්බර් මාසයේ දී එමා ව්‍රේන් ගිබ්සන් මෙසේ උපත ලැබුවා. ඇය නිරෝගී තත්ත්වයෙන් පසුවන බවයි වෛද්‍යවරු පවසා තිබෙන්නේ.

මෙවැනි කලල දීර්ඝ කාලයක් අධි ශීතකරණයක තබන බැවින් එහි වෛද්‍යවරුන් විසින් එම කලල හඳුන්වනු ලබන්නේ හිම බිළිඳුන් යනුවෙනි.

අවුරුදු විසි හතරක් වයසැති මෙම කලලය හැර වෙනත් කිසිදු ජීවී මිනිස් කලලයක් මෙතරම් කාලයක් ශීතකර තබා ඇති බව විශ්වාස නොකෙරේ.