Sunday, September 8, 2024

General line - 0115112241

ජාතියේ අනාගතය වෙනුවෙන් ජනපතිගේ කඩුවට හසුවන අය ගැන කියයි (VIDEO)




ජාතියේ අනාගතය වෙනුවෙන් පිරිසිදු දේශපාලන සංස්කෘතියක් ගොඩනැගීමට යන ගමනේදී පක්ෂ පාට හෝ ඥාතී සබඳතාවන් නොසළකන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසනවා. රටට ජනතාවට ආදරය කරන, දූෂණය, වංචාව හා නාස්තියට කිසිසේත් හිස නොනමන දේශපාලන නවකයින් පිරිසක් බිහි කිරීම මෙවර පළාත් පාලන මැතිවරණය තුළින් ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂය අපේක්ෂා කරන බවයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ. 

මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය එළිදැක්වීම වෙනුවෙන් අද (28) පැවති උත්සවයක් අමතමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළා. නිදහසේ සම්මුතිය ලෙස නම් කර ඇති එම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය එළිදැක්වීමේ අවස්ථාවට එක්සත් ජනතා නිදහස් සන්ධානය සමග සන්ධානගතව සිටින පක්ෂ 31ක නියෝජතයන් එ

රට ගොඩනැගීම සඳහා යහපත් දේශපාලන චරිතවල අවශ්‍යතාව ද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නා. 

ජාතියේ හෙට දවස වෙනුවෙන් තමාගේ කඩුවවෙන් පක්ෂ පාට ඥාති හිතවත් කිසිදු භේදයකින් තොරව ඕනම කෙනෙකු කැපිය හැකි බව ඔහු අවධාරණය කරනවා.