Sunday, September 8, 2024

General line - 0115112241

විල්පත්තුව වනසන ඇමති ඉවත් කරන්න යෝජනාවක්




විල්පත්තු විලත්තිකුලම් වනාන්තරය අවභාවිත කිරීම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ජනාධිපති කොමිසමක් පත් කළ යුතු බව දූෂණ විරෝධී පෙරමුණ පවසනවා. එහි කැඳවුම්කරු බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී නිශාන්ත ශ‍්‍රී වර්ණසිංහ අද (28) පැවති මාධ්‍ය හමුවකදී මේ බව කියා සිටියා.

මේ සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින රිෂාඞ් බදියුදින් අමාත්‍යවරයා අමාත්‍යධුරයෙන් ඉවත් කළ යුතු බවයි මෙම  මාධ්‍ය හමුවට එක්වූ දූෂණ විරෝධි පෙරමුණේ උප සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් කියා සිටියේ.