Sunday, September 8, 2024

General line - 0115112241

අලුත් අවුරුද්දේ ලයිසන් ගන්න අයට අලුත් අත්දැකීමක්

සජිත් තිලකරත්න




ලබන වසරේ සිට රියැදුරු බලපත්‍ර ලබාගන්නා පුද්ගලයින්ට දිනක වැඩමුළුවකට සහභාගිවීම අනිවාර්ය කිරීමට මාර්ග ආරක්‍ෂාව පිළිබද ජාතික සභාව සූදානම් වනවා. දිනෙන් දින සිදුවන අනතුරු ප‍්‍රමාණය ඉහළයාම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි එහි සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ නෙත් නිවුස් වෙත කියාසිටියේ.  

මෙම වසරේ අනතුරුවලින් මියගිය දෙවන වැඩිම පිරිස වාර්තා වන්නේ පදිකයින් බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. ඔවුන් වෙනුවෙන් වැඩසටහන් රාශියක් සංවිධාන කිරීමට බලාපොරොත්තු වන බවයි මාර්ග ආරක්‍ෂාව පිළිබද ජාතික සභාවේ සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ නෙත් නිවුස් වෙත කියාසිටියේ.  

මෙම වසරේදීත් වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ යතුරුපැදි අනතුරුවලින් බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ. මෙම වසරේ මේ දක්වා කාලය තුළ යතුරු පැදි අනතුරුවලින් මියගිය ගණන 1,145 ක්. එය ඉකුත් වසරට සාපේක්‍ෂව මරණ 22 ක වැඩිවීමක් වනවා.