Sunday, September 8, 2024

General line - 0115112241

පෞද්ගලික ගමනක් ලෙසින් 'ලංකාවට පැමිණ' භූතාන රජ පවුල ගිය ගමන 

සඳුන් සූරියවැව




භූතාන රජ පවුල පෞද්ගලික සංචාරයක්‌ සඳහා ශ්‍රී ලංකාවට  පැමිණ සිටිනවා.

ඊයේ (28 ද) පෙරවරුවේ කොල්ලුපිටිය ගංගාරාමයට ගොස්‌  ආගමික වතාවත්වල නිරත වුණ මෙම පිරිස අතර භූතානයේ කිරුළ හිමි  ජිග්මි ජිග්ටන් වැන්ග්චක්‌ කුමරු සහ කුමරුගේ මව වන ඩෝරි ජී වැන්ග්චක්‌ රැජින සහ ආශි සොනම් ඩෙකෑන් වැන්ග්චක්‌ කුමරිය ද වනවා.

 
ඔවුන් විහාර භූමිය සහ බෝධීන් වහන්සේ වන්දනාමාන කිරීමෙන් අනතුරුව ගංගාරාම විහාරාධිපති ගලබොඩ ඥනිස්‌සර හිමිපාණන් විසින් කෙටි අනුශාසනාවක්‌ පවත්වනු ලැබුවා.


එම අවස්ථාවේ ඡායාරූපය පහතින් දැක්වෙනවා.