Sunday, September 8, 2024

General line - 0115112241

ජනවාරි මුල තැපැල් වර්ජනයක් ? ඡන්දය පමාවෙයි ?




සිය සේවකයින් ලබන මාසයේ ආරම්භ කිරීමට නියමිත අඛණ්ඩ වැඩ වර්ජනය හේතුවෙන් නිල ඡන්ද දැන්වීම් පත‍්‍රිකා බෙදාහැරීමේ කටයුතුවලට දැඩි බලපෑමක් එල්ල විය හැකි බව එ්කාබද්ධ තැපැල් වෘත්තීය සමිති එකමුතුව පවසනවා. එහි කැඳවුම් චින්තක බණ්ඩාර පැවසුවේ දින 10ක් ඇතුළත නව බඳවා ගැනීම් පටිපාටියක් හඳුන්වා නොදුනහොත් සිය සේවකයින් මෙම වර්ජනය ආරම්භ කරන බවයි.

ජනවාරි මුල් සතියේදී තැපැල් සේවක වැඩවර්ජනයේ දින ප‍්‍රකාශයට පත් කරන බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.

පළාත් පාලන මැතිවරණයට අදාළ නිල ඡුන්ද දැන්වීම් පති‍්‍රකා බෙදාහැරීම ලබන ජනවාරි මස 19 වැනිදා ආරම්භ කරන බවයි මැතිවරණ කොමිසම පැවසුවේ. පෙබරවාරි 03 වැනිදා එම කටයුතු අවසන් කරන බවත්, නිල තැපැල් ඡුන්ද දැන්වීම් පති‍්‍රකා නොලැබුණූ පිරිස්වලට එ්වා තැපැල් කාර්යාලවලින් ලබා ගත හැකි බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.