Sunday, September 8, 2024

General line - 0115112241

ආණ්ඩුව ගැන ජනතාව හිතන හැටි මහින්ද පහදයි




ජනතාවගෙන් බහුතරයක් ආණ්ඩු විරෝධී ස්ථාවරයේ පසුවන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. කොළඹ පැවති වැඩසටහනකින් පසු මාධ්‍යවෙත අදහස් දක්වමින් ඔහු මෙම අදහස් පළ කළා.

"එක්කෙනෙක් දෙන්නෙක් පිල් මාරු කළාට ජනතාව මාරු වෙන්නෑ. ජනතාව වැඩිහරියක් ඉන්නේ ආණ්ඩු විරෝධී මතයක." යැයි පවසන එතුමා, ජීවන  වියදම ඉහළ යාම, එක්සේසත් කළ රට බෙදීම ඇතුළු දැවෙන ප‍්‍රශ්න රැසක් රට හමුවේ ඇති බවයි  මෙහිදී පෙන්වා දුන්නේ.