Friday, October 18, 2024

General line - 0115112241

ඡන්ද පැමිණිළි ඉහළට




පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් 48 ක් වාර්තා වී ඇති බව පොලිස් මූලස්ථානය පවසනවා. ලැබී ඇති මැතිවරණ පැමිණි ගණන 33 ක්. ඒ අතර පහරදී තුවල සිදුකිරීම් 03, බැණ තර්ජනය කිරීම් හා බියගැන්වීම් 14 ක්, ද්‍රව්‍ය හා උපකරණ බෙදාදීම් 06 ක් වාර්තා වන බවයි පොලීසිය පැවසුවේ.

මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් 15 ක් ද වාර්තා වී තිබෙනවා.

පෝස්ට්, බැනර් හා ධඡ ප‍්‍රදර්ශනය කරමින් වාහන ධාවනය කළ සිද්ධීන් 5 කට සැකකරුවන් 10 දෙනෙක් අත්අඩංගුවට ගැණුනු බවයි පොලීසිය පැවසුවේ. ඡන්ද පෝස්ටර් ඇලවීම හා ළග තබා ගැනීමට අදාළව සැකකරුවන් 28 දෙනෙකුද අත්අඩංගුවට ගැණුනා. තවත් සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත්තේ  ශබ්ද විකාශන යන්ත‍්‍ර සවිකර වාහන ධාවනය කිරීම හේතුවෙන්.