Friday, October 18, 2024

General line - 0115112241

205කගේ ප්‍රතිඵල අත්හිටුවයි! වැඩිම වරද කොපි කිරීම




උසස් පෙළ විභාගයේ පිළිතුරු කොපි කිරීම හෙවත් පිටපත් කිරීමට අදාළ සිසුන්ගේ ප‍්‍රතිඵල නිකුත් නොකරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. ඊයේ දිනයේ ප‍්‍රතිඵල නිකුත් කළද 205දෙනෙකුගේ ප‍්‍රතිඵල අත්හිටවනු ලැබුවා. ඒ අතර  වැඩි පිිරිසක් පිළිතුරු කොපි කිරීමේ චෝදනාවට ලක්වූවන් බවයි විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත පැවසුවේ.

ඔවුන්ට එරෙහිව පරීක්‍ෂණ පැවැත්වීමට කැදවීම් ලිපි අවස්ථා 3 කදී යැවුණත් ඔවුන් කිසිවෙකුත් විභාග දෙපාර්තමේන්තුවට පැමිණ නැහැ.  ජංගම දුරකතන ළග තබාගෙන විභාගයට පෙනී සිටි වෙනත් විභාග අක‍්‍රමිකතා සිදුකළ සිසුන් පිළිබදවද විභාග දෙපාර්තමේන්තුව පරීක්‍ෂණ ආරම්භ කර තිබෙනවා. එම පරීක්‍ෂණවලින් පසුව ඔවුන්ගේ ප‍්‍රතිඵල සම්බන්ධයෙන් තීරණය කරන බවයි විභාග කොමසාරිස් ජනරාල්වරයා නෙත් නිවුස් වෙත කියාසිටියේ.

උසස් පෙළ විභාගයට පෙනී සිටි එක් ලක්‍ෂ හැටතුන් දහස් එකසිය හතර දෙනෙකු සරසවි වරම් ලබා තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ දෙලක්‍ෂ පනස් තුන්දහස් හාරසිය අසූ තුන්දෙනෙකු උසස් පෙළ විභාගය සදහා පෙනී සිටි බවයි.