Friday, October 18, 2024

General line - 0115112241

"මණ්ඩපම්" කඳවුරේ සිටින විවිධ වැරදිවලට සම්බන්ධ දෙමළ සරණාගතයින් අත්අඩංගුවට ගැනීමට interpol සහාය පතයි (PHOTO)

indian times ඇසුරෙන්




ශ්‍රී ලංකාවේ විවිධ වැරදිවලට සම්බන්ධ දැනට ඉන්දීය තමිල්නාඩු සරණාගත කඳවුරුවල රැඳී සිටින ශ්‍රී ලාංකීකයන් පිරිසක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් රජයේ අවදානය යොමු වී ඇති බව වාර්තා වනවා.

ඒ සඳහා ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර පොලීසියේ (interpol) සහාය අපේක්ෂා කරන බව සඳහන්.

තමිල් නාඩුවේ මණ්ඩපම් සරණාගත කඳවුරේ රැඳී සිටින මෙම ශ්‍රී ලාංකීක සරණාගතයන් පිරිස අත් අඩංගුවට ගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ.

2014 වසරේ දී නීති විරෝධී ලෙස මෙම පිරිස මන්නාරමේ සිට ඉන්දියාවේ තමිල්නාඩු රාමේෂ්වරම් - ධනුෂ්කොඩි හරහා ඉන්දීයාවට ඇතුල් වී තිබෙනවා.

මෙම පිරිස ආගමන විගම නීති උල්ලංඝණය කිරිම හේතුවෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව ඔවුන් මණ්ඩපම් සරණාගත කඳවුරේ රඳවා තබන ලෙස නියෝග කෙරුණා.

මෙම පිරිසට එරෙහිව ශ්‍රී ලංකාවේ අධිකරණවල නඩු රැසක් ඇති අතර එම පිරිසට එරෙහිව මෙරට අධිකරණය මගින් විවෘත වරෙන්තු ද නිකුත් කර තිබෙනවා.

ඒ හේතුවෙන් ඔවුන්ව අත්අඩංගුවට ගෙන අදාළ නඩු විභාග සඳහා අධිකරණය හමුවේ ඉදිරිපත් කරන ලෙස පොලීසියට ලැබුණු නියෝග අනුව පොලීසිය ජාත්‍යන්තර පොලීසියේ සහාය ඉල්ලා ඇති බවයි වාර්තා වන්නේ.

යාපනය චාවකච්චේරිය අධිකරණය මගින් මෙම පිරිස අත්අඩංගුවට ගැනීම සඳහා විවෘත වරෙන්තු නිකුත් කර ඇති අතර එය ජාත්‍යන්තර පොලීසිය මගින් මණ්ඩපම් කඳවුර වෙත යොමු කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා පල කර තිබෙන්නනේ.