Friday, October 18, 2024

General line - 0115112241

පැෆ්රල් සංවිධානය සහ පොලිස්පතිවරයා අතර හමුවක්




ඉදිරි පළාත් පාලන ඡන්ද විමසීම ප්‍රචණ්ඩත්වයෙන් තොරව නිදහස් හා සාධාරණව පවත්වා ගැනීම පිළිබඳව පැෆ්රල් සංවිධානය සහ පොලිස්පතිවරයා අතර සාකාච්ඡාවක් අද (29) දින පොලිස් මූලස්ථානයේදී පවත්වනු ලැබුවා.

එහිදී  කරුණු කිහිපයක් සම්බන්ධයෙන් අවදානය යොමු වූ බවයි පැෆ්රල් සංවිධානය කියා සිටියේ.

එම කරුණු පහතින් කියවන්න.

 

1.මේ දක්වා කාලය තුල පොලීසියේ ක්‍රියාකාරීත්වය පිළිබඳ විශේෂ ස්තූතිය පොලිස්පතිවරයාට පුද කළ අතර නාමයෝජනා දින පෙළපාලි යාමට ඉඩදීම පිළිබඳව සොයා බලන ලෙස ඉල්ලා සිටින ලදී.

 

2.පැෆ්රල් සංවිධානය නීර්ක්ෂකයින් යෙදවීම පිළිබඳව සාකච්ඡා කල අතර එහිදී ප්‍රචණ්ඩත්වය අවම කිරීමට පැෆ්රල් සංවිධානයට ලබාදිය හැකි සහය පිළිබඳවද එම කටයුත්ත සාර්ථක කර ගැනීමට පොලීසිය දක්වන සහය පිළිබඳව සාකච්ඡා කරන ලදී.

 

3.මේ දක්වා කාලය තුල අපරාධකාරී චර්යාවන් සහිත අපේක්ෂකයින් පිළිබඳව මාර්තු 12 ව්‍යාපායට ලැබූ පැමිණිලි පොලිස්පතිවරයා වෙත යොමු කල අතර එම පුද්ගලයන්ට එරෙහිව ඇති පැමිණිලි පිළිබඳව සොයා බලන ලෙස ඉල්ලූ අතර එම පිරිස් පිළිබඳව මැතිවරණ කාලය තුල නිරීක්ෂණය යෙදෙන ලෙස ඉල්ලා සිටින ලදී.