Friday, October 18, 2024

General line - 0115112241

ඇත් දළ යුගලක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

උපාලි ආනන්ද - අනුරාධපුර




ඇත්දළ යුගලක් සමග සැකකරුවන් දෙදෙනෙකු අනුරාධපුර තන්තිරිමලේ ප්‍රදේශයේදී පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

, අනුරාධපුර කොට්ඨාස භාර පොලිස් අධිකාරී තිළිණ හේවාපතිරණගේ මෙහෙයවීම මත  පොලිස් කණ්ඩායමක් සිදුකළ මෙහෙයුමකදීයි.

සොයා ගත් ඇත්දළ යුගලයේ එක් ඇත් දළයක දිග අඩි හතරහමාරක් පමණ වන බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

අදාළ පොලිස් කණ්ඩායම සැකකරුවන්ගෙන් වැඩිදුරටත් ප්‍රශ්න කරමින් සිටින බවද නෙත් නිවුස් වාර්තාකරු පැවසුවා.