Sunday, September 8, 2024

General line - 0115112241

අමෙරිකාව ජී එස් පී සහන කප්පාදු කරයි.. ජී එස් පී PLUS වැදගත් බව අමැති කියයි

සමන්ත කුමාර




අමෙරිකා එක්සත් ජනපදයට අපනයනය කරනු ලබන භාණ්ඩ හා සේවා සම්බන්ධයෙන් ලබාදී ඇති ජී එස් පී බදු සහනය තවදුරටත් දීර්ඝ කර නොමැති බව කොළඹ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය පවසනවා.

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් ගනනාවකට හිමිව ඇති මෙම බදු සහනය මේ මස 31 වනදායින් අවසන් වන බවයි එම කාර්යාලය නිවේදනය කළේ.

එක්සත් ජනපද කොංග්‍රසය එම බදු සහනය යළි බලාත්මක කර නොමැති බැවින් ලබන වසරේ සිට අපනයන සහා සාමාන්‍ය බදු පටිපාටිය ක්‍රියාත්මක වනු ඇති බවයි අමෙරිකානු තානාපති කාර්යාලය පැවසුවේ.

අමෙරිකාවට සිදු කළ භාණ්ඩ හා අපනයන වලින් ශ්‍රී ලංකාව මෙම වසරේදී ඩොලර් බිලියන 2යි දශම 8ක පමණ  ආදායමක් උපයා තිබෙනවා.

මෙම තීරණයත් සමග ඇති විය හැකි තත්ත්වයන් පිළිබනෙත් නිවුස් ජාතික ප්‍රතිපත්ති හා ආර්ථීක කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් විමසීමක් කළා.

ඔහු කියා සිටියේ අමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට ලැබෙන තීරබදු සහනය 1% ක් බවයි.

මෙහිදී වැදගත් වන්නේ ජී එස් පී බදු සහනය නොවන බවත් යුරෝපයෙන් හිමි වන ජී එස් පී ප්ලස් බදු සහනය බවත් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා කියා සිටියා.