Sunday, September 8, 2024

General line - 0115112241

බලය පිහිටුවීම පිළිබඳව මැතිවරණයෙන් පස්සේ තීරණයක්




පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් වීමෙන් පසු බලය පිහිටුවීම පිළිබඳ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය අවසන් තීරණයක් ගන්නා බව අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් පවසනවා.

කොළඹ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

තමන්ගේ මතය අදාළ පාර්ශ්ව වෙත දැනුම් දී ඇති බවත් මැතිවරණයෙන් පසු එය සම්බන්ධයෙන් තීරණයක් ගන්න බවත් ඔහු පැවසුවා.