Sunday, September 8, 2024

General line - 0115112241

"රට පාලනය කරන්නේ එජාපය තමයි - හැබැයි ගත්ත හැම තීරණයකටම ශ්‍රීලනිපයත් වගකිව යුතුයි"

සමන්ත කුමාර




වත්මන් ආණ්ඩුව ගෙන ඇති සෑම තීරණයකටම එක්සත් ජාතික පක්‍ෂය මෙන්ම ආණ්ඩුව නියෝජනය කරන ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ මැතිඇමතිවරුන්ද වගකිවයුතු බව නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා පවසනවා.

වත්මන් ආණ්ඩුවේ ආර්ථික තීරණ එක්සත් ජාතික පක්‍ෂය විසින් ගන්නා බවටත් ඒවායෙහි දැඩි අසාර්ථකභාවයක් ඇති බවටත් අමාත්‍ය ඩබ්ලිව්. ඩී. ජේ. සෙනෙවිරත්න සිදුකළ ප‍්‍රකාශයට ප‍්‍රතිචාර දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කියාසිටියා.

රත්නපුර ප‍්‍රදේශයේදී අමාත්‍ය ඩබ්ලිව්. ඩී. ජේ. සෙනෙවිරත්න අදාළ ප‍්‍රකාශය සිදුකර තිබුණා.

නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා එම ප‍්‍රකාශයට ප‍්‍රතිචාර දැක්වමින් ඒ බව සඳහන් කළා.

එහිදී "රජයේ සෑම වැදගත් තීරණයක්ම ගන්නේ අමාත්‍ය මණ්ඩලය.. ඒ අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධානියා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන. ඒ ගන්න සාමුහික තීරණ තමයි මේ රටේ ක්‍රියාත්මක වෙන්නේ... මේ රට පාලනය කරන්නේ ඉතින් එක්සත් ජාතික පක්ෂය තමයි. ඒක යථාර්තය..හැබැයි ඉතින් හරි යනකොට අපේ කියන්නයි..වරදිනකොට අපේ නෙමෙයි කියන්නයි බෑ.." යනුවෙන්ද සඳහන් කළා.