Friday, October 18, 2024

General line - 0115112241

අමෙරිකාව ජී. එස්. පී. බදු සහන කප්පාදු කළ හේතුව මේකද?

සමන්ත කුමාර




අමෙරිකාවට අපනයනය කරනු ලබන භාණ්ඩ හා සේවා සම්බන්ධයෙන් ලබා දී ඇති ජී. එස්. පී. බදු සහනය තවදුරටත් දීර්ඝ නොකිරීමේ තීරණයට ශී‍්‍ර ලංකාව ජෙරුසෙලම සම්බන්ධයෙන් අමෙරිකාව දැරූ ස්ථාවරයට එරෙහිවීම බලපා හැකිි බව දේශපාලන විශ්ලේෂක මොහාන් සමරනායක පවසනවා.  

කෙසේ වුවද මෙවැනි තත්ත්වයන් හමුවේ ස්වාධීන ප‍්‍රතිපත්ති වෙනස් නොකළ යුතු බවයි ඔහු පෙන්වා දෙන්නේ. 

කෙසේවෙතත් නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා පැවසුවේ මෙම තීරණය ශී‍්‍ර ලංකාව සම්බන්ධයෙන් පමණක් ගනු ලැබූ තීරණයක් නොවන බවයි.

එක්සත් ජනපද කොංග‍්‍රස් මණ්ඩලයෙන් මෙම බදු ක‍්‍රමය යළි බලාත්මක කිරීම පමා වූ පළමු අවස්ථාව මෙය නොවන බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය පවසන්නේ.

පෙර අවස්ථාවන්වලදී මෙවැනි පමාවීමකින් පසුව එම වැඩසටහන යළි කි‍්‍රයාත්මක වූ විට අදාළ කාලය තුළ අපනයනය කරනු ලැබු භාණ්ඩ වෙනුවෙන් අය කළ තීරු බදු නැවත ගෙවීම පිණිස අතීතයට බලපාන ආකාරයේ වගන්තියක් ඊට ඇතුළත් කර ඇති බවද විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළා.