Sunday, September 8, 2024

General line - 0115112241

දුම්රිය මාර්ගයේ හරස් වූ කන්ටේනර් රථය ඉවත් කෙරේ (UPDATE)

නිශාන් ද සිල්වා




මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ගාල්ල සහ මාතර අතර දුම්රිය ධාවනය මේ වනවිට යථාතත්ත්වයට පත් කර තිබෙනවා.

අද (30) උදෑසන මාතර, කඹුරුගමුව ප‍්‍රදේශයේදී කන්ටේනර් රථයක් දුම්රිය මාර්ගය අවහිර වන සේ අනතුරකට ලක්වීම හේතුවෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ එම කොටසේ දුම්රිය ධාවනයට බාධා එල්ල වුණා.

අදාළ කන්ටේනරය ඉවත් කිරීමෙන් පසු මේ වනවිට දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදුවන බවයි දුම්රිය පාලක මැදිරිය පැවසුවේ.

 

---------------------------------

දුම්රිය මාර්ගය හරස් කරමින් කන්ටේනර් රථයක් අනතුරට

(30-12-2017 06:29)

 

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ගාල්ල සහ මාතර අතර දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබෙනවා.

ඒ, මාතර කඹුරුගමුව ප‍්‍රදේශයේදී කන්ටේනර් රථයක් දුම්රිය මාර්ගය අවහිර වන සේ අනතුරකට ලක්වීම හේතුවෙන්.

මේ හේතුවෙන් මාතරින් උදෑසන 6.05 ට කොළඹ බලා ධාවනය වන දුම්රියද ප‍්‍රමාද වන බවයි දුම්රිය පාලක මැදිරිය පැවසුවේ.

තීන්ත සමාගමකට අයත් කන්ටේනර් රථය කඩිනමින් ඉවත් කර ගන්නා ලෙසටද දැනුම් දී තිබෙනවා.