Sunday, September 8, 2024

General line - 0115112241

කාසල්රී ජලාශයෙන් කාන්තා මළ සිරුරක් සොයා ගැනෙයි

රංජිත් රාජපක්ෂ - හැටන්




කාසල්රී ජලාශයේ පාවෙමින් තිබූ කාන්තා මළ සිරුරක් පොලීසිය විසින් අද (30) සොයාගෙන තිබෙනවා.

කාන්තා මළ සිරුර වයස අවුරුදු 30ක් වන දෙදරු මවකගේ බවයි අනාවරණ වී ඇත්තේ.

ක්ෂය රෝගයෙන් පෙලෙන ඇය සිය මවගේ නිවසට ගොස් සිටි අවස්ථාවේ ජලාශයට පැන සියදිවි හානිකරගෙන ඇති බවටයි පොලීසිය සැකකරන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශණ ක්‍රියාත්මකයි.