Sunday, September 8, 2024

General line - 0115112241

උතුරට පෑයු සූර්යයා බිඳ වැටෙන බවට අනාවරණයක්

මාධව කුලසූරිය - වවුනියාව




සූර්යා ලකුණු යටතේ  E P R L F පක්ෂය හා ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ ඒකාබද්ධව බිහිකළ දෙමළ ජාතික විමුක්ති සන්ධානය බි වැටෙන ලකුණු පහළ වි ඇතැයි පක්ෂ අභ්‍යන්තර ආරංචි පවසනවා.

වව්නියාව නගර සභාවේ නගරාධිපති අපේක්ෂකයා තෝරා ගැනීම සම්බන්ධයෙන් E P R L F පක්ෂයේ නියෝජ්‍ය නායක ශිවශක්ති ආනන්දන් හා ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ නායක ආනන්ද සංගරී අතර හටගත් අර්බුදයක් ඊට හේතුවී තිබෙනවා.

මේ හේතුවෙන් දෙමළ ජාතික විමුක්ති සන්ධානය ඉදිරි පළාත් පාලන මැතිවරණයෙන් අනතුරුව දෙකඩවනු ඇති බවයි වාර්තා වන්නේ.

ශිවශක්ති ආනන්දන් වවුනියාව නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත්වු අතර ඔහුගේ සමීපතමයෙක් වවුනියාව නගරාධිපති අපේක්ෂක වශයෙන් තෝරා ගෙන තිබෙනවා.

ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ නායක ආනන්ද සංගරී ඊට එරෙහි වී ඇති බවයි වාර්තා වන්නේ.

ආනන්ද සංගරී වැඩිදුරටත් පවසා ඇත්තේ මෙම තත්ත්වය මත E P R L F පක්ෂය සමග කටයුතු කිරීම ගැටළු සහගත වී ඇති බවයි.

E P R L F පක්ෂය දෙමළ ජාතික සන්ධානයෙන් ඉවත්ව නව සන්ධානයක් බිහි කළේ දෙමළ ජාතික සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත නොහැකි බවට පවසමින්.

අදාළ සන්ධානයට ග‍ජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් එක්වන බවට පැවසුවද, නව සන්ධානය බිහි කරන අවස්ථාවේ ඔහු නව සන්ධානයට සහයෝගය පළ කිරීම ප්‍රතික්ෂේප කර තිබුණා.

පවතින ගැටළුව සම්බන්ධයෙන් ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ නායක ආනන්ද සංගරීගෙන් විමසීමේදී ඔහු කියා සිටියේ නව සන්ධානය තුළ යම් යම් අර්බුද හටගෙන ඇති බවයි.