Friday, October 18, 2024

General line - 0115112241

ඇත් දළ අලෙවිකරුවන් රිමාන්ඩ්




අනුරාධපුරය - තන්තිරිමලේ ප්‍රදේශයේ සිදුකළ විශේෂ වැටලීමකදී ඇත් දළ යුගලක් සමග අත්අඩංගුවට ගත් පුද්ගලයින් තුන්දෙනා ලබන වසරේ ජනවාරි 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

, ඊයේ (29) අත්අඩංගුවට ගත් සැකකරුවන් අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු හමුවට අද (30) ඉදිරිපත් කිරීමෙන් පසුවයි.

රුපියල් ලක්ෂ 50 කට විකිණීමට සූදානම් කර තිබූ අඩි හතරහමාරක පමණ දිගකින් යුක්ත මෙම ඇත් දළ යුගලය විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ සිටි ඇතෙකුගේ බවට දැනට සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී ඇති බවයි පොලීසිය පැවසුවේ.

රුපියල් ලක්ෂ 50 කට ඇත් දළ යුගලයක් අලෙවි කිරීමට සුදානම් කර ඇති බවට අනුරාධපුර කොට්ඨාශය භාර පොලිස් අධිකාරීවරයාට පසුගියදා තොරතුරක් ලැබුණා.

ඒ අනුව සිදුකළ විමර්ශණයේදී මන්නාරම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු අත්අඩංගුවට ගත්තා.

ඔහුගෙන් කළ ප්‍රශ්ණ කිරීම්වලදී ලැබුනු තොරතුරුවලට අනුවයි අනෙක් සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ.

ඔවුන්ගෙන් කළ ප්‍රශ්ණ කිරීම්වලදී හෙළි කරගත් කරුණු අනුව තන්තිරිමලේ ප්‍රදේශයේ වලදමා තිබු ඇත් දළ යුගලය ද සොයාගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් එක් ඇත් දළයක් අඩි 4 යි අඟල් 4 ක් දිගින් යුක්තයි.

අනෙක් ඇත් දළය අඩි 4 යි අඟල් 3 ක පමණ දිගින් යුක්ත වනවා.

එමෙන්ම ඒවා අඩි 1 යි අඟල් දෙකක වට ප්‍රමාණයකින් ද යුක්ත බවයි පොලිසිය සඳහන් කළේ.

සැකකරුවන් සිලාවතුර ප්‍රදේශයේ පදිංචිකරුවන්  බවයි පොලීසිය පැවසුවේ.