Sunday, September 8, 2024

General line - 0115112241

ඖෂධ වට්ටියක් රැගෙන සුදු වතින් සැරසී එන්න




නව වසරට සෙත් පතා සිදු කෙරෙන නෙත් එෆ් එම් ශ්වේත පූජා වැඩසටහන ලබන පළමුවනදාට (01) යෙදෙන දුරුතු පොහෝදා කඩවත ශ්‍රී බිම්බාරාම විහාරස්ථානයේදී පැවැත්වෙනවා.

එහි සුදානම පිළිබඳව අදහස් දක්වන එම විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය හුරිගස්වැවේ සද්ධාවාස හිමියන් කියා සිටියේ නව වසරේ ආශීර්වාද පූජාව සඳහා සියළු කටයුතු සූදානම් කර ඇති බවයි.

නෙත් එෆ් එම් රේඩියෝව විසින් සිදුකරනු ලබන මෙම ආශීර්වාද පූජාවට ඔබත් සහභාගී වන විට ඔබගේ දෑතීන්ම සකස් කළ ඖෂධ වට්ටියක් රැගෙන මෙම අවස්ථාවට එක්වන ලෙසයි උන්වහන්සේ වැඩිදුරටත් කියා සිටියේ.