Sunday, September 8, 2024

General line - 0115112241

පොහොර ගැන ජනපති කිව්ව කතාව




ගොවි ජනතාවට අවශ්‍ය පොහොර ලබාගැනීම සඳහා රුපියල් කෝටි 250 ක මුදලක් නිදහස් කළ බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසනවා.

ගොවි ජනතාවට පොහොර ලබාගැනීම සඳහා බැංකු වෙත මුදල් ලැබී නොමැති බවට තමන් වෙත ලැබුණු තොරතුරක් අනුව එම මුදල් ඊයේ (30) දිනයේම ගොවි ජනතාවගේ ගිණුම් වෙත බැර කිරීමට අදාළ අංශ වෙත උපදෙස් ලබාදුන් බවයි ජනාධිපතිවරයා කියාසිටියේ.

ග‍්‍රාමීය ජනතාවගේ ගැටළු විසඳමින් එම ප‍්‍රදේශ සංවර්ධනය කරා ගෙනයාමේදී රාජ්‍ය නිලධාරීන්ගේ මෙන්ම මහජන නියෝජිතයින්ගේද අදහස් හා යෝජනා වැදගත් බවයි මෙහිදි ප‍්‍රකාශ කෙරුණේ.

පොළොන්නරුව, බැඳිවැව ප‍්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින් ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළා.