Sunday, September 8, 2024

General line - 0115112241

ගිනිඅවි සහ බෝම්බ සමග අයෙක් අල්ලයි




ගිනි අවියක් සුද්ද කරමින් සිටියදී ඉකුත් 25 වැනිදා වෙඩි වැදීමකින් මිය ගිය පුද්ගලයෙකු සම්බන්ධයෙන් සිදු කෙරුණු පරීක්ෂණයන්ට අනුව ඔහුගේ සහෝදරයෙකු ඊයේ (30) සවස පොලිසිය විසින් අත්අඩංගුවට ගත්තා.

ඒ මාලිම්බඩ අපරැක්ක ප්‍රදේශයේ දීයි. වයස අවුරුදු 28ක් වූ සැකකරුගෙන් සිදුකෙරුණු ප්‍රශ්න කිරීම්වලට අනුව අදාළ වෙඩි වැදීම සිදු වූ මෙරට නිශ්පාදිත ගිනි අවිය සහ තවත් අවි ආයුධ තොගයක් සොයාගෙන තිබෙනවා.

ඒ අනුව,
මෙරට නිශ්පාදිත ගිනි අවි 03ක්.
මෙරට නිශ්පාදිත ජීව අත්බෝම්බ 01ක්.
ටී 56 වර්ගයේ ජීව පතරොම් 06ක්.
බෝර 12 වර්ගයේ ජීව පතරොම් 02ක්.
අලි වෙඩි, සේවා නූලක්, වෙඩි බෙහෙත් සහ ගිනි අවි කොටස් කිහිපයක් එහි වනවා.

ඉකුත් 25 වැනිදා සිදු වූ වෙඩි වැදීමෙන් මියගොස් තිබුණේ මෙම සැකකරුගේ සහෝදරයෙකු වන මාලිම්බඩ පදිංචි අසංක සංජීව නැමැති අයෙක්.