Sunday, September 8, 2024

General line - 0115112241

"ගුරුවරු මට උගන්වන්නත් බය වුණා" - දිස්ත්‍රික්කයේ ප්‍රථමයා වූ හරිනි කියයි (PHOTOS)

රාහුල් සමන්ත හෙට්ටිආරච්චි - හම්බන්තොට




2017 අධ්‍යයන පොදු සහතින පත්‍ර උසස් පෙළ විභාගයෙන් වාණිජ අංශයෙන්  හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් විභාගයට පෙනී සිටි අගුනුකොලපැලැස්සේ හරිනි නිහාරා ගජසිංහ ශිෂ්‍යාව හම්බන්තොට දිස්ත්‍රික්කයේ  ප්‍රථම ස්ථානය දිනාගෙන තිබෙනවා.

තංගල්ල බාලිකා මහා විද්‍යාලයේ අධ්‍යාපනය  ලැබූ  හරිනි නිහාරා  උසස් පෙළ විෂය ධාරාව සඳහා මුලින් තෝරාගෙන තිබුණේ ජීව විද්‍යා අංශයයි. එහෙත් වසර එකහමාරකට ආසන්න කාලයක් ගතවීමෙන් පසු එම විෂය ධාරාවෙන් අධ්‍යාපන සිදුකිරීම ඇයට අපහසු වී තිබෙනවා.

ඉන් පසුව වාණිජ විෂය ධාරාව තෝරාගෙන ඒ ඔස්සේ අධ්‍යාපන කටයුතු සිදු කරගෙන ගියත් ඒ වන විට පාසලේ නීති රීතිවලට අනුව ඇයට වාණිජ විෂය ධාරාවන් සඳහා උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නොහැකිවී තිබුණා. ඒ නිසා ඇය පුද්ගලික අයදුම් කාරිනියක ලෙස විභාගයට අයදුම් කිරීමට කටයුතු කළා.

වාණිජ විෂය ධාරාව ඔස්සේ තොරතුරු තාක්ෂනය, ගිණුම්කරණය, ව්ය්‍යාපාර අධ්‍යයනය යන විෂයයන් තෝරාගෙන සිටි හරිනි හට කෙටි කාලයක් තුල එම විෂයන් පිළිබද දැනුම ලබා ගන්නට සිදු වුණා. 

මේ පිළිබඳ හරිනි සඳහන් කරන්නේ මෙවැන්නක්,

''ඇත්තටම මට විශ්ව විද්‍යාලයට යන්න උවමනාව තමයි තිබ්බේ. ඒ නිසා තමයි ජීව විද්‍යා අංශයෙන් සරසවි යන්න බැරිවෙයි කියලා හිතල වාණිජ විෂය ධාරාවන් හදාරන්න හිතුවේ. ඇත්තටම මට විෂය මාරු කරාට පස්සේ විභාගය අභියෝගයක් වුණා. ඒ නිසා මම කටපාඩම් කරනවා වෙනුවට විෂයන් තේරුම් ගන්න උත්සහ කළා. මම විශය මාරු කළාට පස්සේ සමහර ගුරුවරු මට උගන්වන්නත් බය වුණා. නමුත් ඒ අතරින් හොඳ ගුරුවරු මට හම්බවුණා. ඒ නිසා තමයි මම මේ ජයග්‍රහණය ගත්තේ."

(ඡායාරූප)
1 - වාණිජ විෂය ඉගැන්වූ සහ තොරතුරු තාක්ෂණ විෂය ඉගැන්වූ ගුරුවරුන් දෙදෙනා සමග 
2- මව සමග