Sunday, September 8, 2024

General line - 0115112241

උතුරු මුහුදු සීමාවේ කළ වැටලීම (PHOTOS)

මාධව කුලසූරිය -වවුනියාව




උතුරු මුහුදු සීමාවේ කාරෙයිතිව් ප‍්‍රදේශයේදී කේරළ ගංජා කිලෝග‍්‍රෑම් 39 ක් සමග සැකකරුවන් හතර දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.  

ඒ අතර ඉන්දීය ජාතිකයෙකුද වන බවයි නාවික හමුදාව පැවසුවේ.

සැකකරුවන් විසින් මෙම කේරළ ගංජා තොගය පාර්සල් 18 ක අසුරා යාත‍්‍රාවකින් ප‍්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, උතුරු මුහුදේ නාවික මුර සේවා යාත‍්‍රාවක සිටි නාවික හමුදා නිලධාරීන් පිරිසක් විසින්.

වැඩිදුර විමර්ශන සදහා අත්අඩංගුවට ගැණුනු සැකකරුවන් හතර දෙනා කයිට්ස් පොලීසියට භාරදී තිබෙනවා.