Sunday, September 8, 2024

General line - 0115112241

තැන් දෙකක ඝාතන දෙකක්




කඩවත රන්මුතුගල ප්‍රදේශයේදී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා. 

ඊයේ (30) රාත්‍රී 8.15 ට පමණ යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් නිවසේ සිටි පුද්ගලයෙකුට වෙඩි තබා මෙලෙස පළාගොස් ඇති බවයි පොලිසිය කියාසිටියේ. 

තුවාල ලැබු පුද්ගලයා ඥාතීන් විසින් රාගම රෝහලට ඇතුලත් කිරීමෙන් පසු ඔහු මරණයට පත්ව තිබෙනවා. 

මෙලෙස මියගොස් ඇත්තේ රන්මුතුගල ප්‍රදේශයේම පදිංචි රණවක ලියනගේ අජිත් පුෂ්පකුමාර 37 හැවිරිදි පුද්ගලයෙක්. 

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා කඩවත පොලිසිය වැඩිදුර විමර්ශණ මෙහෙයවනවා.

මේ අතර ඊයේ (30) රාත්‍රි 9.45ට පමණ පනාමුර දමරයාය ප්‍රදේශයේ නිවසක නවාතැන් ගෙන සිටි පුද්ගලයෙකුට තවත් නවාතැන් ගෙන සිටි පුද්ගලයෙකු විසින් තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබෙනවා.

මරණයට පත්ව ඇත්තේ වයස අවුරුදු 51ක් පමණ වූ අයෙක්. සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.