Sunday, September 8, 2024

General line - 0115112241

ජාතික ආණ්ඩුවේ කාලය අදින් අවසන් - ඉදිරිය ගැන පැහැදිළි කිරීමක්




එළැඹෙන පළාත් පාලන මැතිවරණයෙන් පසු ජාතික ආණ්ඩුවෙන් ඉවත්වනවාද නැද්ද? යන්න පිළිබඳව තීරණයක් ගන්නා බව ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය පවසනවා.

එක්සත් ජාතික පක්ෂය සහ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ජාතික ආණ්ඩුවක් සඳහා එළැඹි අවබෝධතා ගිවිසුම අදින් (31) අවසන් වීමටයි නියමිතව තිබුණේ.

එ් පිළිබඳව අදහස් දක්වන ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත් කියා සිටියේ "සැප්තැම්බර් මාසයේ තමයි ගිවිසුමේ කාලසීමාව ඉවර වුණේ..නමුත් ජනාධිපතිතුමාගේ ඉල්ලීම මත තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව නැවත තීන්දු කළේ දෙසැම්බර් මාසේ 31 වැනිදා දක්වා මේක දීර්ඝ කරන්න..දැන් මේ මැතිවරණය වෙලාවේ අපි තීන්දුවක් ගන්න යන්නේ නැහැ. කොහොම වුනත් මැතිවරණය අවසන් වුණාට පස්සේ අපි ඒ ගැන තීරණයක් ගන්නවා." යනුවෙනි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි නලින් බණ්ඩාර සඳහන් කළේ, වත්මන් රජය ගත් ආර්ථික තීන්දු තීරණ කිහිපයකදී ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය බාධායක් වූ බවයි. ඒ අනුව එක්සත් ජාතික පක්ෂය මෙම තත්වයන් මත ඉදිරි වසර කිහිපයේදී ජාතික ආණ්ඩුවක් යටතේ කටයුතු කරන්නේ නම් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා එ් පිළිබඳ පසු විපරමක් කළ යුතු බවයි ඔහු වැඩි දුරටත් සඳහන් කළේ.