Sunday, September 8, 2024

General line - 0115112241

අල් කුරාණය පොත් 625ක් පොලිස් භාරයට

ජූඩ් සමන්ත - හලාවත




අපේක්ෂකයෙකු විසින් මැතිවරණ සමයේ බෙදාහැරීමට ගෙනැවිත් තිබූ අල් කුරාණය පොත් 625ක් කල්පිටිය පොලීසිය විසින් සිය භාරයට ගෙන තිබෙනවා.

කල්පිටිය ප‍්‍රාදේශීය සභාවට එක්සත් ජාතික පක්ෂයෙන් තරග කරන අපේක්ෂකයෙකුගේ නිවසේ තිබී මෙම පොත් සොයා ගත් බවයි පොලීසිය පැවසුවේ.

පුත්තලම දිස්ති‍්‍රක් ලේකම් කාර්යාලයේ පිහිටි පොලිස් මැතිවරණ කාර්යාලයට ලැබුණු පැමිණිල්ලක් අනුව මෙම පොත් තොගය සොයා ගැනුනා. කල්පිටිය ප‍්‍රදේශයේ ඉස්ලාම් දේවස්ථානවලට බෙදාදීම සඳහා මේවා සූදානම් කර තිබූ බවයි ප‍්‍රශ්න කිරීම්වලදි අනාවරණ වී ඇත්තේ. මේ සම්බන්ධයෙක් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොමැති අතර වැඩිදුර පරීක්ෂණ කල්පිටිය පොලීසිය මගින් කි‍්‍රයාත්මකයි.

මේ අතර පළාත් පාලන මැතිවරණය නීති උල්ලංගණය කිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන් මේ වන විට පුද්ගලයින් 44 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසනවා. ඒ අතර ඡන්ද පෝස්ටර් ඇලවීම හා ළඟ තබා ගැනීමේ චෝදනා යටතේ පුද්ගලයින් 30 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ. මැතිවරණයට අදාළ පැමිණි 39ක් පොලීසියට ලැබී තිබෙනවා. මැතිවරණ නීති උල්ලංගණය කිරීමේ සිද්ධීන් 18ක් වාර්තා වී ඇති බවයි පොලිස් මූලස්ථානය වැඩිදුරටත් කියා සිටියේ.