Sunday, September 8, 2024

General line - 0115112241

බලපිටියේ යතුරුපැදි සොරකමේ ගිය දෙදෙනෙකුට වැඩ වරදී

දිලිප් නිශ්ශංක




බලපිටිය වතුගෙදර සීනිගොඩ ප‍්‍රදේශයේ යතුරුපැදි සොරකමේ නිරත වූ පුද්ගලයින් දෙදෙනෙකු ජනවාරී 05 වනදා දක්වා අද (31) රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.

, ඔවුන් බලපිටිය වැඩබලන මහේස්ත‍්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

සැකකරුවන් දෙදෙනා අම්බලන්ගොඩ පොලිිසිය විසින් ඉකුත්දා අත්අඩංගුවට ගෙන තිබුණේ ලක්ෂ දෙක හමාරක් වටිනා යතුරුපැදි සොරකමක් සම්බන්ධයෙන්.

ඔවුන් සොරාගත් යතුරුපැදිය ද පසුව සොයා ගැණුනා.