Sunday, September 8, 2024

General line - 0115112241

ජනපති සහ අගමැති නව වසරට සුබ පතමින් අනාගතය ගැන මතක් කරයි




ශ‍්‍රී ලංකාව 2018 නව වසර පිළිගන්නේ නිසැකවම ජයගත යුතු අභියෝග රැසක් ඉදිරියේ තබාගෙන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

ආර්ථික සමෘද්ධිය ඇතිකර ගැනීම මෙම වසරේ ප‍්‍රමුඛ අභියෝගයක්.

සංහිඳියාව සහ මානව නිදහස ශක්තිමත්ව තහවුරු කිරීම සහ ශ‍්‍රී ලංකා නාමය තවදුරටත් ප‍්‍රවර්ධනය කිරීම ද මෙම වසරේ ප‍්‍රමුඛ අභියෝග බව ජනාධිපතිවරයා සිහිපත් කර දෙනවා.

උදා වූ නව වසර වෙනුවෙන් විශේෂ පණිවිඩයක් නිකුත් කරමින් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසන්නේ මෙම වසර සියලූ යහපත් අරමුණු ඉටුවන ධෛර්යවන්ත වසරක් වේවායි ප‍්‍රාර්ථනා කරන බවයි.

මෙම වසර උදාවන්නේ දිනාගත් සමාජ හා දේශපාලන නිදහස වඩාත් අර්ථවත් කිරීමේ අවශ්‍යතාව නැවත සිහිගන්වමින් බවද අග‍්‍රාමාත්‍යවරයා සිය පණිවිඩයේ සඳහන් කර තිබෙනවා.

උදා වූ නව වසර සියලූ යහපත් බලාපොරොත්තු ඉටු වන සුභ වසරක් වේවායි නෙත් එෆ්. එම්. රේඩියෝව ද ලක්වාසී සහ ලෝ වාසී සියලූදෙනාට ප‍්‍රාර්ථනා කරනවා.