Saturday, October 19, 2024

General line - 0115112241

බැඳුම්කර හොරුන්ට දඬුවම් දීමට පෙරකළ යුතු දේ නීතිවේදියකු පෙන්වා දෙයි

කසුන් කැලුම්




බැඳුම්කර ගනුදෙනුවට සම්බන්ධ පුද්ගලයින්ට දඬුවම් දීමට පෙර රටට අහිමි වූ මුදල් ප‍්‍රමාණය යළි ලබා ගැනීමට ක‍්‍රමවේදයක් සැකසිය යුතු බව නීතිවේදීන් පවසනවා. ප‍්‍රශ්නගත මහ බැංකු බැඳුම්කර නිකුතුව මගින් පර්පර්චුවල් ටෙ‍්‍රෂරීස් සමාගම නීත්‍යානුකූල නොවන අයුරින් මුදල් උපයා ඇති බවයි අදාළ කොමිෂන් සභා වාර්තාව මගින් අනාවරණ වී ඇත්තේ.

පර්පර්චුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගම ද්විතීයික වෙළෙඳපොළේ ගනුදෙනුවලින් පමණක් ලබා ඇති වාසිය අවම වශයෙන් මිලියන 11,145ක් වන බවට වාර්තාවේ සඳහන් බව ජනාධිපතිවරයා ඉකුත්දා ප‍්‍රකාශ කළා. නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඇතැම් අවස්ථාවලදී බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් කටයුතු කළ ආකාරය පිළිබඳ සෑහීමකට පත්විය නොහැකි බවයි අධිනීතීඥ ගෝමීන් දයාශී‍්‍ර පැවසුවේ.

මෙම වාර්තාවේ ඉදිරි කටයුතු සිදු කිරීම නීතිපතිවරයා යටතට පවරා නොදෙන ලෙසද මෙහිදී ඉල්ලීමක් කෙරුණා.
ඪධෂක්‍ෑ ක්‍ඹඔ – : ඛ්උශෑඍ ඨධඵෂභ 02 *