Saturday, October 19, 2024

General line - 0115112241

අමෙරිකාවේ හිටපු තානාපති ජාලිය වික්‍රමසූරියට වරෙන්තු!




අමරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය වහාම අත්අඩංගුවට ගැනීමට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් අද (05) විවෘත වරෙන්තු නිකුත්කළා.

අමරිකාවේ ශ්‍රී ලංකා තානාපති ලෙස කටයුතු කරමින් සිටියදී ගොඩනැගිල්ලක් මිලදී ගැනීමේදී ශ්‍රී ලංකා රජයට අයත් අමරිකානු ඩොලර් එක්ලක්ෂ තිස්දහසක මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගතකර සිටි සැකකරු කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේ නියෝගයක් අනුව ඇප මත නිදහස් කර සිටියා. එසේ ඇප හිමි වීමෙන් පසුව වෛද්‍ය ප්‍රතිකාර සඳහා මාස 2කට විදේශ ගත වීමට අධිකරණයෙන් අවසර ලබා ගනිමින් රටින් පිටවගොස් මේ වන තෙක් අධිකරණය ඉදිරියේ පෙනී නොසිටීම නිසා මෙලෙස විවෘත වරෙන්තු නිකුත් කර තිබෙනවා.

ඔහුගේ ඇපකරුවන් ලෙස අධිකරණයේ දී ඇප අත්සන් කළ බිරිඳ ඇතුළු සිව් දෙනාට ලබන පෙබරවාරී 16 වන දා අධිකරණය හමුවේ පෙනී සිටිමට නොතේසි යැවීමට දනියෝග කෙරුණා. මාස 9කට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කරව සිටි ජාලිය වික්‍රමසූරිය කොළඹ මහාධීකරණය විසින් දැඩි ඇප කොන්දේසි සහිතව මුදා හැර ලැබු අයෙකි.