Friday, January 17, 2025

General line - 0115112241

කාබුල් ප්‍රහාරයෙන් මිය ගිය ගණන වැඩි වෙයි (PHOTOS)




ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවර ඊයේ (27) සිදු වූ මරාගෙන මැරෙන ප‍්‍රහාරයෙන් මිය ගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 95ක් දක්වා වැඩි වී තිබෙනවා.

තුවාල ලබා රෝහල්ගතව සිටින්නන්ගේ සංඛ්‍යාව 158ක් බවයි නවතම වාර්තාවල දැක්වෙන්නේ.

ගිලන් රථයක පුපුරණ ද්‍රව්‍ය පුරවාගෙන පැමිණි ප‍්‍රහාරකයන් පොලිස් මාර්ග බාධකයක් ද බිඳගෙන ගොස් විවෘත වීදියකදී පිපිරවීම සිදු කර තිබෙනවා. මෙම ප‍්‍රහාරය තමන් විසින් සැළසුම් කළ බවයි තලෙයිබාන් සංවිධානය ප‍්‍රකාශ කර ඇත්තේ.