බ්‍රිතාන්‍යයේ රජ පවුල නියෝජනය කරන එඩ්වඩ් කුමරු දින 06 ක ශ්‍රී ලංකා සංචාරයක් සඳහා අද (31) දහවල් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා.
එඩ්වඩ් කුමරු සමග එම කුමරිය වන සොපී රීස් සහ දූත පිරිසක් මෙලෙස පැමිණි බවයි අප ගුවන් තොටුපළ වාර්තාකරු සඳහන් කරන්නේ.
මෙම පිරිස දහවල් 12.40 ට ඩුබායි සිට පැමිණි එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ. - 348 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා.
පෙබරවාරි මස 04 වැනිදා පැවැත්වෙන ශ්‍රී ලංකා නිදහස් උත්සවයේ ප්‍රධාන ආරාධිතයින් ලෙස එඩ්වඩ් කුමරු සහ එම කුමරිය සහභාගී වීමට මෙසේ පැමිණි බවයි ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශකයෙකු පැවසුවේ.