Thursday, May 2, 2024

General line - 0115112241

ඉන්දිය සාගර කලාපයේ දේශපාලනය අයහපත් කිරීමට මාලදිවයින් අගවිනිසුරු හේතුවෙක් වෙයි

නවෝද්‍යා ගමගේ




අත්අඩංගුවට ගැණුනු මාලදිවයින් අගවිනිසුරුවරයාගේ ක‍්‍රියා කලාපය ඉන්දිය සාගර කලාපයේ දේශපාලන තත්ත්වය ව්‍යාකූල කිරීමට හේතු වී ඇති බව අනාවරණ වී තිබෙනවා.

එරට පොලිසිය පවසන්නේ ඔහු සම්බන්ධයෙන් වන විමර්ශනවල කිසිඳු වාර්තාවක් මෙතෙක් ප‍්‍රසිද්ධයට පත් කිරීමට නොහැකි බවයි. 

එරට තුල හදිසි තත්ත්වයක් ප‍්‍රකාශයට පත් කිරීමෙන් පැය කිහිපයකට පසු  මාලදිවයින් අගවිනිසුරුවරයා අත්අඩංගුවට ගැණුනා.

 

----------------------

මාලදිවයිනේ මොකද වෙන්නේ - අර්බුදය ටිකෙන් ටික වැඩි වෙයි (06-02-2018 06:51)

මාලදිවයිනේ හිටපු ජනාධිපති අබ්දුල් ගයුම් එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය විසින් හිටපු ජනාධිපතිවරයාගේ නිවස වැටලූ අවස්ථාවේදී ඔහු සිය ට්විටර් ගිණුමේ සටහන් කර තිබුණේ ඒ, තම ආරක්ෂාවටද නැතිනම් තමන්ව අත්අඩංගුවට ගැනීමට ද යන්න පැහැදිලි නොමැති බවයි.

ඉකුත්දා මාලදිවයින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝග කර තිබුණේ හිටපු ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ක‍්‍රියාත්මක කිරීමට හෝ අත්අඩංගුවට ගැනීමටයි. පසුව මාලදිවයින් රජය විසින් ආරක්ෂක අංශ වෙත නියෝග කළේ හිටපු ජනාධිපතිවරයා අත්අඩංගුවට නොගන්නා ලෙසයි.

මාලදිවයිනේ හිටපු ජනාධිපති අබ්දුල් ගයුම් එහි වත්මන් ජනපති අබ්දුල්ලා යමීන්ගේ සහෝදරයෙකු ද වනවා. 

මේ අතර, මාලදිවයින් පොලිසිය විසින් එරට අගවිනිසුරුවරයා ද අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඒ, මාලදිවයින් ජනාධිපතිවරයා රට තුළ හදිසි තත්ත්වයක් ප‍්‍රකාශ කිරීමෙන් අනතුරුවයි. මාලදිවයිනේ මෙම දේශපාලන අර්බුදය ඇතිවූයේ විපක්ෂ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමට එරට අධිකරණය කළ නියෝගයට ජනාධිපති අබ්දුල්ලා යමීන් විරුද්ධ වීමත් සමගයි.