Tuesday, September 17, 2024

General line - 0115112241

ආණ්ඩුවේ අනාගතය ගැන කියන්න පුළුවන් වෙලාව මලික් හෙළි කරයි




පළාත් පාලන මැතිවරණයේ ප‍්‍රතිඵලය අනුව ආණ්ඩුවේ කිසියම් වෙනසක් සිදුවේදැයි බොහෝ දෙනා මේ දිනවල කුතුහලයෙන් සිිටිනවා.

කෙසේ වෙතත් ඒ පිළිබඳ නිශ්චිත අදහසක් කිසිඳු පාර්ශ්වයක් මෙතෙක් පළ කර නැහැ.

මේ අතර 2015 අගෝස්තු මහ මැතිවරණයෙන් ලැබුනු ජනවරමට අනුව එක්සත් ජාතික පක්ෂය ඉදිරි වසර දෙකහමාරක පමණ කාලෙයේද ආණ්ඩුව පවත්වාගෙන යන බවට අමාත්‍ය මලික් සමරවික‍්‍රම ප‍්‍රකාශ කළේ යැයි ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

වෙනත් කණ්ඩායම්වලටද අවශ්‍ය නම් ඊට සහාය දිය හැකි බවද ඔහු ප‍්‍රකාශ කළේයැයි එම වාර්තාවල වැඩදුරටත් සඳහන්.

කෙසේ වෙතත් තමන් මේ වනවිටත් සාකච්ඡාවක යෙදී සිටින බවත් යමක් ප‍්‍රකාශ කළ හැක්කේ දහවල් 12.30 න් පසුව බවත් නෙත් නිවුස් කළ විමසීමකදී ඔහු කියා සිටියා.