Tuesday, September 17, 2024

General line - 0115112241

ඡන්ද ප්‍රතිඵලයෙන් ගමේ වැඩ අරඹන දවස මෙන්න




පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ප්‍රතිඵල අනුව එම ආයතන ස්ථාපිත කිරීම මාර්තු මාසයේ මුල සතියේ සිදුකෙරෙන බව පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම්වරයා රජයේ නිල පුවත් වෙබ් අඩවියට පවසා තිබෙනවා. 

ඒ සඳහා වන ගැසට් නිවේදනය හෙට (14)  නිකුත් කිරීමට බලාපොරොත්තුවන බවද ලේකම්වරයා පවසනවා. එමෙන්ම මැතිවරණ කොමිෂන් සභාව විසින් සභිකයන් පත් කිරීමෙන් ගැසට් නිවේදනය නිකුත් කිරීමෙන් අනතුරුව මෙම කටයුතු සිදුවන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ.